28.2 C
Colombo
Saturday, April 27, 2024

ගිනිතිබ්බ අපේ ගෙවල්වලට වන්දි දෙන්න – ගෙවල් ගිනි ගත් මන්ත්‍රීවරුන්

- Advertisement -

තමන්ගේ ගිනිගත් නිවාසවලට වන්දි ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවට ගිනිගත් නිවාසවල හිමිකරුවන් වන පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (14) ජනාධිපති මන්දිරයෙදී පැවති හමුවේදීයි.

එම රැස්වීමට මන්ත්‍රීවරු 91 දෙනෙකු සහභාගී වී සිටි බව වාර්තා වන අතර සෙසු පිරිස ආරක්ෂක සහ වෙනත් හේතුන් මත රැස්වීමට සහභාගී නොවන බව දැනුම් දුන් බව වාර්තා වනවා.

මෙම රැස්වීම ආරම්භයේදී පසුගියදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් උණුසුම්කාරි වාතාවරණයක් ඇතිව තිබෙනවා.

ඒ පොලිස්පතිවරයා ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාවද රැස්වීමට කැඳවා තිබෙනවා.

“මෙම සිද්ධිදාමය පටන් ගත් අවස්ථාවේ මම ජනාධිපතිතුමා ළඟ හිටියා. ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට සහ හමුදාපතිතුමාට නියෝග දෙනවා මම දැක්කා. නමුත් ඒ නියෝග ක්‍රියාත්මක වුණේ නැහැ”

යනුවෙන් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා තිබෙනවා.

පසුව මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇත්තේ,

“මේ ගිනිතියපු සහ පහරදුන් සෑම නිවසකටම අප්‍රේල් 4 සහ 5 දිනවලත් පහරදීම් සහ බලපෑම් සිදුවුණා. ඒ වෙලාවේ අනුරාධපුර මගේ නිවසට පහරදීමට පැමිණි අයගේ ඡායාරූප සහ නම් මම පොලිස්පතිවරයාට ලබාදී තියෙනවා. ඒත් කිසිකෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. හරිනම් පොලිස්පතිවරයා දැන් ඉල්ලා අස්විය යුතුයි. ඒ වගේම වන්දිදීමේ ක්‍රියාදාමයක් සහ විමර්ශනයක් වහාම ආරම්භ කරන්න කටයුතු කළ යුතුයි.”

මෙහිදී ජනාධිපති නීතීඥ අලි සබ්රි මන්ත්‍රීවරයා සඳහන් කළේ, පවතින නීතිය යටතේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් පෙන්වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ හැකි බවයි.

එහිදී පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් යටතේ වහාම මේ සිද්ධි ගැන විමර්ශන ආරම්භ කරන බවයි.

එමෙන්ම සති දෙකක් ඇතුළත පහරදීමේ සිද්ධිවලට සහභාගී වූ සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස්පතිවරයා සදහන් කරනවා.

මෙහිදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සදහන් කර ඇත්තේ හමුදාව ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට මැදිහත් නොවීම සම්බන්ධයෙන් හමුදාපතිවරයාට ද චෝදනා කළ යුතු බවයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...