28 C
Colombo
Friday, May 3, 2024

බොරතෙල් බැරලයක මිල 8%කින් පහළට

- Advertisement -

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)
සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) 8% කින් පහත බැස තිබෙනවා.

බ්‍රෙන්ට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.64කින් එනම් 7.7%කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 104.03ක් ලෙසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.74කින් එනම් 8% කින් පහත බැස තිබෙනවා.

ඒ අනුව එම බොරතෙල් බැරලයක මිල ලෙස සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 100.59 කි.

රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා ගෙවුණු කාලයේදී බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් 34% කින් ඉහළ ගොස් තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත ලෙස ඉහළ ගියා.

රුසියාව සහ යුක්‍රේනය අතර සාම සාකච්ඡා නැවත ආරම්භවී රටවල් දෙක රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළැඹීමට මේ වන විට සූදානමින් පසුවන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ තත්ත්වය හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුම නැවත වරක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...