තමා කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්වූ රෝහිත අබේගුණවර්ධන මහතාට ඇති චෝදනා හේතුවෙන් ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට නොහැකි බවයි.
අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන ජනතාවට ගරු කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අසමත් වී ඇති බවද අදාළ පණිවිඩයෙහි සඳහන්.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉල්ලා අස්වුණා.
කෝප් කමිටුවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්කිරීම හේතුවෙන් මේ වන විට එම කමිටුව තුළ දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
