32 C
Colombo
Tuesday, May 7, 2024

ගිහින් පැමිණි නියෝජ්‍ය කථානායක ආයෙත් යන්න සූදානම්

- Advertisement -

තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ ඔහුගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු තනතුරුවලින් ඉවත් වී, ස්වාධීන වීමට තීරණය කළ පසු, නියෝජ්‍ය කථානායක ධුරය ස්වාධීන තනතුරක් වුව ද, එම තනතුර ආණ්ඩු පක්ෂයෙන් යෝජනා වීම හේතුවෙන්, එම ධුරයෙන් ඉවත් වීමට තමන් මීට පෙර තීරණය කළ බවත්, එම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

නමුත් තවමත් එම ලිපිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත්, යළිත් ඊයේ (29) දිනයේ දී ලිපි දෙකක් ජනාධිපති සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යවා ඇති අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, එළඹෙන 04 වැනි දින පාර්ලිමේන්තු සැසියේ දී සිදු කළ යුතු පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාපත් කරගැනීම බවත් රංජිත් සියඹලාපිටිය අවධාරණය කරනවා.

වත්මන් රජය බලයට පත් වූ වහාම කළ පළමු වරද වන්නේ, රාජ්‍ය ආදායම අඩු කරගෙන, වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 03ක් මුද්‍රණය කිරීමට කටයුතු කිරීම බවත් මුදල් අච්චු ගැසූ විට නියත වශයෙන් රට තුළ ආර්ථික මූල්‍ය අවපාතයක් නිර්මාණය වන බව ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් ඇති අයෙකු පවා දන්නා කාරණයක් බවත් ඔහු පවසනවා.

වත්මන් මහබැංකු අධිපතිවරයා වන ආචාර්ය නන්දලාල් වීරසිංහ සිදු කළ පළමු සාධනීය පියවර වන්නේ බැංකු පොළී අනුපාතය 1-1 අනුපාතය යටතේ වැඩි කිරීම බවත්, එහෙත් එය පමණක් සුදුසු නොවන බවත්, නියෝජ්‍ය කථානායකවරයා අවධාරණය කරනවා.


RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...