31 C
Colombo
Thursday, July 10, 2025

වෘෂණ කෝෂ තලපු පොලිස් නිලධාරීන්ට දේශබන්දුගෙන් දොස්

- Advertisement -

පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී සීමාව ඉක්මවා බලය පාවිච්චි කළහොත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව වගඋත්තර බඳින්නට සිදුවන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හොරණ, ඔළබොඩුව රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුවයි.

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට එම සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, අදාළ චෝදනාව එල්ල කරන අයද නීතිවිරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ වෙනත් කටයුතු සම්බන්ධව පෙර වැරදි ගණනාවක් ඇති පවුලක අය බවයි.


RECENT ARTICLES - SINHALA

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

බදු තවත් අඩු කරගන්න බලනවා – හර්ෂණ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 30%ක තීරුබදු ප්‍රමාණය ශ්‍රී ලංකාව ලැබූ සාර්ථකත්වයක් බවත්, නමුත්  තවත් අඩු කරවාගැනීම සඳහා සාකච්ඡා පවත්වන බවත් මුදල්...

සිංගිමලේ ජලාශයේ ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරලා

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු වැටී...

POPULAR ARTICLES

පරාජයේ වාර්තාව ඉන්දියාවට

එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි වුයේ නැහැ. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර...

සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...