30 C
Colombo
Wednesday, May 15, 2024

අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම ගැන දේශබන්දුට වැඩවරදියි

- Advertisement -

සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අවසර ලබා දුන්නා.

ඒ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ නීතිය ඉදිරියේ සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුවට අදාළවයි.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, තනුක නන්දසිරි සහ මනුජය ද සිල්වා පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් කනිෂ්ක බාලපටබැඳි මහතා පෙනී සිටියා.

තිසර අනුරුද්ධ බණ්ඩාර 2022 වසරේ අප්‍රේල් මස 02 වන දින රාත්‍රියේ මෝදර පොලීසියේ යැයි කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් පසුව මෝදර පොලීසියෙන් කළ විමසීමේදී එම පොලිස් ස්ථානය පවසා තිබුණේ එවන් තරුණයෙක් මෝදර පොලීසියට රැගෙන නොපැමිණී බවයි.

කෙසේ නමුත්, පසුව, අතුරුදන්ව සිටි තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර තිබුණා.

ඉන් පසුව, ඔහුව අධිකරණය හමුවට ගෙන ඒමෙන් අනතුරුව ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළා.

තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කරන පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකළා.


RECENT ARTICLES - SINHALA

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මිලියන 9ක මත්ද්‍රව්‍ය තොගයක් තැපෑලෙන් ඇවිත්

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ...

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...