29 C
Colombo
Sunday, May 5, 2024

ධනසිරි අමරතුංගගෙන් අදෝනාවක්

- Advertisement -

කොහුවල මංසන්ධියේ ඉදිකිරීමට නියමිත නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තැබීම පසුගියදා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙම අවස්ථාවට දෙහිවල ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනසිරි අමරතුංග මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ඔහු ශෝකාලාපයක් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.

එම සටහන මගින් අමරතුංග මහතා පවසා ඇත්තේ “මට කවුරුත් ආරාධනා කළෙත් නැහැ, මම දන්නෙත් නැහැ” ලෙසයි.

නුගේගොඩ පාර අසලින් ගමන්ගන්නා අවස්ථාවේදී නව ගුවන්පාලම වෙනුවෙන් මුල්ගල තබන ස්ථානයේ විශාල පිරිසක් ඒකරාශී වී සිටිනු දැක තමන් එම ස්ථානයේ සිටින පොලිස් නිලධාරියෙකු හට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් මෙම සිදුවීම දැනගත් බව ධනසිරි අමරතුංග මහතා පවසනවා.

මෙය පුදුම ආණ්ඩුවක් බවත් මෙම ආණ්ඩුව බිහිකිරීම සඳහා කෝටි ගණන් වියදම් කළ බවත් සදහන් කරන අමරතුංග මහතා පවසන්නේ තමන් හිඟාකා අමාරුවෙන් ඡන්ද එක්රැස්කර බිහිකල ආණ්ඩුවට තමන්ව අමතක වීම කණගාටුවට කරුණක් බවයි.

කෙසේ වෙතත් තවමත් මහින්ද රාජපක්ෂ මහතාට පණ මෙන් ආදරය කරන බවද අවසාන වශයෙන් ඔහු සදහන් කර තිබීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...