32 C
Colombo
Friday, June 2, 2023

බාල චීන පොහොර ගැන හෙළිකළ මහචාර්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දොට්ට

- Advertisement -

ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලුම තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මේ පිළිබ්ඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහතින්.

මහාචාර්ය මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි වෙයි

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

මහාචාර්ය මාරඹේ මහතා රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබිණ. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මාරඹේ මහතා දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇත. මීට අදාළ අමාත්‍යවරයාගේ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්


RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ අමාත්‍යාංශ තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...