27 C
Colombo
Sunday, March 26, 2023

ඥාණක්කාගේ රතු නූල තවමත් අයෝමාගේ අතේ (ඡායාරූප)

- Advertisement -

මෙරට ජනතාවගේ විරෝධය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඔහු හා ඔහුගේ බිරිද වන අයෝමා රාජපක්ෂ මහත්මිය තායිලන්තයට පැමිණ මෝටර් රථයක නැගී ගුවන්තොටුපලෙන් පිටව යන ආකාරය විදෙස් මාධ්‍ය ඡායාරූප ඇසුරෙන් ප්‍රසිද්ධියට පත්කර තිබුණා.

එම අවස්ථාවේදී අයෝමා රාජපක්ෂ මහත්මියගේ අතෙහි ඇති රතු නූල පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ, එම රතු නූල කුප්‍රකට සාස්කරකාරියක වන ඥාණක්කා විසින් ලබාදුන් එකක් වීම හේතුවෙන්.

අදාළ රතු නූල් ගෝඨාභය රාජපක්ෂ මහතාත්, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හා ඔහුගේ බිරිදත් ඇතුළු මැති ඇමතිවරුන් ගණනාවක් කලක පටන් අතෙහි බැඳ තිබෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේවෙතත් මැයි 09 වනදා ඥාණක්කාගේ නිවසට, දේවාලයට හා හෝටලයට ගිනි තැබීමේ සිදුවීමෙන් අනතුරුව ඇය චෝදනා කළේ එවක තම දේවාලයට ආගිය කිසිදු මැති ඇමතිවරයෙකු හෝ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු තමන්ට සිදුවූ විපත පිළිබදව සොයාබැලීමට නොපැමිණි බවයි.

එමෙන්ම ඔවුන් කිසිවෙක් මේ වන විට තම සරණ පතා දේවාලයට නොපැමිණෙන බවත්, ගම්වැසියන්ගේ ආධාරයෙන් නැවතවරක් සිය දේවාලය ගොඩනගන බවත් ඥාණක්කා මාධ්‍ය වෙත පවසා තිබුණා.

එවන් තත්ත්වයක් තුළ හිටපු ජනාධිපතිවරයාගේ බිරිද තවදුරටත් ඥාණක්කාගේ දේවාලය බැති සිතින් විශ්වාස කොට ඇයගේ රතු නූල පැළද සිටීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...