30 C
Colombo
Monday, March 20, 2023

ගෝඨා ඉල්ලා අස්වී නෑ..! රනිල් වැඩ බලනවා – අනුර

- Advertisement -

මේ වනතුරුත් ජනාධිපතිවරයා ඉල්ලා අස් වී නැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා

මේ ගත කරන්නේ ඉතිහාසයේ බිහිසුනුම පැය කීපය බවත් සියලුම දේශපාලන පක්ෂ සහ ජනතාව වගකීම් සහගතව කටයුතු කළ යුතු මොහොත එළඹී ඇති බවත් ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටිනවා.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයාගේ බලය අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පවරාගෙන අතිශය මර්ධනකාරී පිළිවෙතකින් රට පාලනය කිරීමට සැරසෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“රට බිහිසුණු ඛේදවාචයක් අභියස ඉන්නවා. දැන් සවස් භාගය එළඹෙමින් තිබුණත් තවමත් ජනාධිපතිවරයා ඉල්ලා අස් වී නැහැ. ඒ වෙනුවෙන් ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත් කළ බවට තමයි වාර්තා වෙමින් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටින්නේ තමන් වෙත පවරා ගත් බලය මර්ධන කාරී ලෙස යොදා ගන්න. ඒ අනුව තමයි මේ වනවිට බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය ක්‍රියාත්මකකර තිබෙන්නේ.

රට පුරාම හදිසි නිතිය ප්‍රකාශයට පත් කරලා තියනවා. .ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බලාත්මක කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. මේ සිදුවීම් වලින් පෙන්වන්නේ රනිල් වික්‍රමසිංහ හෝ පාලක කණ්ඩායම මේ ප්‍රශ්නය සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ හඬට ඇහුම්කන් දෙමින් විසඳනවා වෙනුවට ව්‍යවස්ථාව ඇතුළෙ තමාට පවරා ගන්නා ලද නීතිමය රෙගුලාසි අතරෙ රට ඛේදවාචයක් දක්වා තල්ලු කරමින් යන බවයි.

මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ හෝ තීන්දු ගන්නා කණ්ඩායම් කල්පනා කරනවා නම් යම් මර්ධනකාරී පිළිවෙතකින් කටයුතු කරන්න එය අනිවාර්ය ලෙස ඉවර වෙන්නෙ භයානක ඛේදවාචයකියින්. අපි බලකරලා කියනවා ජනතාවගේ හඬට අභිලාෂයන්ට අරමුණුවලට ඇහුම්කන් දෙන්න. එහෙම නැතිව තනි පුද්ගලයෙකුගේ කෑදර බල උවමනාව වෙනුවෙන් අපේ රටත් ජනතාවත් බිලි දිය යුතු නෑ. “


RECENT ARTICLES - SINHALA

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

ඩොලර් එක 185 වෙනවා – රනිල්

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.