30.3 C
Colombo
Friday, April 26, 2024

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පාරට?

- Advertisement -

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් 40% ක් ඇමරිකානු New Forstress Inc සමාගමට ලබා දීමට ඇති කර ගත් එකඟතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ නමුත් ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් අහිමි විය.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයට අනුබද්ධ පාර්ශවයන්ට උපදෙස් දී තිබුනේ.

මෙම තත්වය මත ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම්, ගිවිසුම සම්බන්ධයෙන් මහජනතාව සමග සාකච්ඡා කළයුතු බවටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව, ලබන 29 වැනිදා කොළඹදී ප්‍රසිද්ධ රැළියක් පවත්වා ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, ආණ්ඩුවට විරෝධය දැක්වීමටත් තීරණය කර ඇති බවත් මෙම රැළිය සඳහා වෘත්තීය සමිතිවල දායකත්වය ලබා ගැනීමටද තීරණය කර ඇති අතර ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටද පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ ඇති බවත් වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...