30.3 C
Colombo
Friday, April 26, 2024

යොහානිට නාමල්ගෙන් පොරොන්දුවක්

- Advertisement -

මැණිකේ මගේ හිතේ ගීතය තුළින් මෙරට තුල සහ විදේශයන්හි ජනප්‍රියට පත් යොහානි දිලේකා ද සිල්වාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජය ඇයට හිමි නිසි ගෞරවය පුද කිරීමට නියමිත බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

යොහානි සහ සතීෂාන් ගයන එම ගීතය ගෝලීය වශයෙන් ජනප්‍රිය විමත් එයින් රටට ලද ආකර්ශනයත් විධිමත් ලෙස පිළිගැනීමකට ලක් කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ප්‍රශ්න කර තිබුණි.

ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති මෙම ගීතය මේ වන විට යූටියුබ් නැරඹුම්වාර මිලියන 123 ඉක්මවා ඇත.

ඩේලි මිරර් පුවත්පත කළ විමසීමකදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් යොහානිට ප්‍රශංසා කිරීමට කිසිදු පොදු උත්සවයක් පැවැත්වීමට රජයට නොහැකි වූ බවයි.

කෙසේ වෙතත්, කොවිඩ් තත්ත්වය තවදුරටත් යහපත් වූ පසුව ඇය වෙනුවෙන් නිල වශයෙන් රාජ්‍ය උපහාර උත්සවයක් පැවැත්වෙන බවත් ඔහු පැවසීය.

යොහානි ලබා ඇත්තේ විශාල ජයග්‍රහණයක් බවත් තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඇය වැනි වෙහෙස මහන්සි වී වැඩ කරන තරුණ දක්ෂ කලාකරුවම් දැක ගැනීමට කැමති බවත් යොහානි වැනි අයට අනෙකුත් තරුණ තරුණියන්ද උනන්දු කළ හැකි බවත් ඔහු පවසයි

“තරුණ තරුණියන් වැඩි දෙනෙක් ගෝලීය වශයෙන් ජනප්‍රිය වනවා දැකීමට අපි කැමතියි” යැයි ඔහු පවසයි.

Wingman Talent Management India සමඟයොහානි පසුගියදා ගිවිසුමකට එළැඹි අතර ඇයව කළමනාකරණය කරනු ලබන්නේ ඉන්දියාවේ සෝනු ලක්වානි විසිනි.

වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් යනු බොලිවුඩයේ ඉතා ප්‍රසිද්ධ පුද්ගලයින් කළමනාකරණය කරන ආයතනයකි.


RECENT ARTICLES - SINHALA

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

ගාසා ළමා අරමුදලට මුදල් පරිත්‍යාග රැසක්

ගාසාහි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)...

අපරාධවලින් ඉපයූ ධනය යළි අය කරගන්න නීතියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...