30.1 C
Colombo
Friday, April 26, 2024

සජිත්ගෙ ආණ්ඩුවක් ආවොත් රටට හෙට ඉඳන් තෙල්..! – රාජිත

- Advertisement -

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුවහොත් තෙල් අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කිසිදු ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න පවසන්නේ එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කිසිදු රටක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරිපත් නොවන බවයි.

එකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා, රටතුළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර තිබෙන බවට ජාත්‍යන්තරයට සුබවාදී පණිවුඩයක් ලබාදීම බවත් ඔහු සඳහන් කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් සහන ණය යටතේ මැද පෙරදිග රටවලින් ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන බවත් මැද පෙරදිග රටවල පමණක් නොව යුරෝපා රටවලද සහාය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.


RECENT ARTICLES - SINHALA

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...