29 C
Colombo
Friday, June 2, 2023

නිරෝධායන නීති නොතකමින් බැසිල් වෙනුවෙන් රට පුරා සැමරුම් (වීඩියෝ)

- Advertisement -

පිරිස් ඒකරාශීවීම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තහනම් කර ඇති තත්ත්වයක් තුළ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම වෙනුවෙන් රටපුරා විවිධ ස්ථානවල සැමරුම් සංවිධානය කර තිබුණු අයුරු දක්නට ලැබෙනවා.

ඒ අනුව ජා-ඇල, කළුතර, මහනුවර, රත්නපුරය, දිවුලපිටිය, අනුරාධපුරය, කොළොන්නාව, එරාවුර්, වැලිමඩ, දොඩංගොඩ, මුලතිව්, පොළොන්නරුව, වත්තල, මීගමුව, ගම්පහ යනාදී ප්‍රදේශ රැසක පිරිස් මහමඟ ඒකරාශී වෙමින් සැමරුම් උත්සව පවත්වා තිබෙනවා.

අප වාර්තාකරුවන් පැවසුවේ ප්‍රධාන මාර්ග තුළ රතිඤ්ඤා දල්වමින්, කිරිබත් පිස කමින්, රැස්වීම් පවත්වමින් ප්‍රීති ඝෝෂා නගන ආකාරය දක්නට ලැබුණු බවයි.

මෙම සැමරුම්වලට පුද්ගලයින් ඒකරාශීවීම සම්බන්දයෙන් පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමද විශේෂත්වයක්.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සංවිධානය කර තිබූ සැමරුම් උත්සවවල ඡායාරූප පලකර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ දිනයේද පුද්ගලයින් ඒකරාශී වෙමින් විරෝධතා පැවැත්වීම නීතිවිරෝධී බව පවසා විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...