33 C
Colombo
Tuesday, April 30, 2024

කමිඳු ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ ඉහළට

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන 18ක් ඉදිරියට ඒමට ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා.

ඒ අනුව, මේ වන විට කමිඳු ලකුණු  533ක් සමඟ 46 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක් (102 හා 164) රැස් කරමින් පළමු වරට ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 දෙනා අතරට (64) පිවිසි කමිඳු දෙවැනි තරගයේ දැක්වූ දස්කම් මත තවත් ස්ථාන 18ක් මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

දෙවැනි තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 92ක් රැස් කිරීමට කමිඳු සමත් වූ අතර, මේ හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 533ක් හිමි කර ගැනීමට ඔහු සමත්ව ඇත්තේ සිය ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

මේ තරගාවලියේදී ලකුණු 367ක් රැස් කිරීමට කමිඳු සමත් වූ අතර, මේ දස්කම් හේතුවෙන් ICC හි මාසයේ ක්‍රීඩකයා ලෙස  තේරී  පත් වීමටද ඔහුට හැකි වුණා.

ඇන්ජලෝ මැතිව්ස් ස්ථාන 2ක් ඉදිරියට එමින් 25 වැනි තැනට පත්ව ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 3ක් ඉදිරියට එමින් 52 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි...

Breaking: ජනපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට අතුරු තහනම් නියෝගයක්

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

රනිල්ට ස්තූති කරන්න කෝච්චි තුනකින් සෙනඟ කොළඹට එනවා – වජිර

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දිනය සැමරුම සඳහා දකුණු පළාතේ සිට දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...