31 C
Colombo
Tuesday, April 30, 2024

මොරටුව නගරාධිපතිට ඇප නෑ

- Advertisement -

එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම කර තිබුණි.

මොරටුව එන්නත්කරණ වැඩසටහනකදී වෛද්‍යවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ජුනි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ, ඔහුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු පසුගිය 27දා මොරටුවේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනට බාධා කර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියට තර්ජනය කරමින් පවසා සිටියේ තමන් නිකුත් කරන ලද ටෝකන්වලට පමණක් කොවිඩ් වැක්සීනය ලබාදෙන ලෙසයි. එසේ නොවන්නේ නම් අදාළ එන්නත්කරණ වැඩසටහන සිදුකරගෙන යෑමට තමන් ඉඩ ලබා නොදෙන බවට නගරාධිපතිවරයා දිගින් දිගටම තර්ජනය කර සිටියා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ද එම සිදුවීම නරඹමින් පමණක් සිටීමද විශේෂත්වයක්.

පසුව එදින පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නගරාධිපතිවරයා පවසා සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවා අනුමත කර අනුගමනය කරන ටෝකන් ක්‍රමය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කාබාසිනියා කල බවයි.

එමෙන්ම, මොරටුව නගරාධිපතිගේ හ්හැසිරීම සම්බන්ධයෙන් 28දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ එම ‘කැත දර්ශනයෙන්’ එන්නත්කරණ වැඩසටහනටම කැත නමක් එක් වූ බවයි,

අදාල ගැටුම පහතින්..

https://fb.watch/5RCMmYe-3l/

සබැඳි ලිපි..

RECENT ARTICLES - SINHALA

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන්...

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...