25 C
Colombo
Sunday, December 10, 2023

X Press Pearl නෞකාවට පක්ෂග්‍රාහිව කටයුතු කළ නාලක ගොඩහේවාට දඩුවම් කළ යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

- Advertisement -

X Press Pearl නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සම්බන්දයෙන් වැරදි තොරතුරු සමාජගත කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඔහුගේ වගකිම් වලින්ද ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

එම නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව මෙරට මුහුදු තීරයට මෙන්ම පරිසරයට සිදුවූ දැවැන්ත හානිය පිළිබදව කිසිදු අවබෝධයක් නොමැතිව ඊට පක්ෂග්‍රාහීව අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා හට නීතියෙන් දඩුවම් දිය යුතු බවයි උන්වහන්සේ ඇඹිලිපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ.

39 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් මඟින් මේ වනවිට සොයාගෙන ඇති පරිදි කැස්බෑවුන් 176ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 20ක්, තල්මසුන් 4 දෙනෙකුගේත් ජිවිත අහිමි වීමට බලපෑ හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ විෂ රසායන බවට තහවුරු කර ඇතත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එය අර්ථකථනය කළේ එය වාරකන් කාලයට සිදුවන සිදුවීමක් ලෙස බවයි සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ.


RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...