33 C
Colombo
Thursday, May 2, 2024

අපිට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ – ඉරානය

- Advertisement -

ඉස්ෆහාන් හෝ සිය රටේ කිසිදු ප්‍රදේශයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ඉරානයේ ජාතික සයිබර් අවකාශ ආරක්ෂණ ඒකකය සඳහන් කර තිබෙනවා.

එම ඒකකය සඳහන් කළේ යම් පිරිසක් සිය ගුවන් අවකාශයට ඉහළින්  ඩ්‍රෝන යාන පියාසර කිරීමේ නින්දිත උත්සාහයක් ගෙන ඇති බවයි.

ඒ අනුව, එවැනි ඩ්‍රෝන යාන තුනක් පමණක් බිඳ හෙළීමට කටයුතු කළ බව ඉරානය පවසනවා.

ඉස්ෆහාන් නගරයේ ගුවන් තොටුපළ සහ හමුදා කඳවුරක් ආසන්නයේ පිපිරීම් තුනක් ඇසුණු බව අද (19) උදෑසන වාර්තා වුණා.

ඇමරිකාව පවසා සිටියේ ඊශ්‍රායල විසින් ඉරානයට ගුවනින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.

කෙසේවෙතත්, ඉරාන මාධ්‍ය පවසන්නේ ඉස්ෆහාන් නුවරින් ඇසුණු එම පිපිරුම් හඬ ගුවනේ පියාසර කළ සැකසහිත වස්තුවකට ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් කළ වෙඩි තැබීමකින් හට ගත් බවයි.

එරට ජ්‍යේෂ්ට හමුදා අණ දෙන නිලදාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින්  ඉරාන මාධ්‍ය මේ බව වාර්තා කර තිබෙනවා.

ඉස්ෆහාන් පළාතේ ජ්‍යේෂ්ට හමුදා ප්‍රධානී ජෙනරල් මිහන්දවුස්ට් ප්‍රකාශ කර ඇත්තේ ඉස්ෆහාන්හි ගුවන් තොටුපොළට හෝ ඒ ආසන්න හමුදා කඳවුරට කිසිදු හානියක් සිදු නොවූ බවයි.

ඉරානයේ ටෙහෙරාන් නගරයට කිලෝ මීටර 350ක් දුරින් පිහිටා ඇති ඉසෆහාන් නගරය න්‍යෂ්ටික බලාගාර මෙන්ම ප්‍රධාන ගුවන් කඳවුරු කිහිපයකින්ද සමන්විත වෙනවා.

ඉරානය සඳහන් කරන්නේ ඉස්ෆහාන් නගරයේ න්‍යෂ්ටික බලාගාර මෙන්ම හමුදා කඳවුරුද ආරක්ෂිතව පවතින බවයි.

මේ අතර මැද පෙරදිග කලාපය තුළ මැදිහත් කරුවෙකු වශයෙන් කටයුතු කරන ඕමානය ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඕමාන විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය විසින් මැද පෙරදිග කලාපය වෙත වරින් වර එල්ල කරන ප්‍රහාරයන් හෙළා දකින බවයි.

අප්‍රේල් 13 වන දින ඉරානය විසින් ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙනවා.

කෙසේවෙතත්, ඉරානය විසින් දියත් කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් යළිත් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය දැනුම් දීමත් සමඟ ඉරානය ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙනවා.


RECENT ARTICLES - SINHALA

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ අනුර අතර හමුවක්

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනි, එලීන් ස්ටෙනර් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද  (02) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී...

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...