31 C
Colombo
Wednesday, March 29, 2023

රුසියාවෙන් ලාභෙට තෙල් නොගන්නේ කොමිස් නැති නිසා – පංචායුධයෙන් චෝදනාවක්

- Advertisement -

රටේ පවතින ඉන්ධන අර්බුදයට එකම විසඳුම වන්නේ රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීම බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර කොළඹ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ අගෝස්තු මස 15වැනිදායින් පසුව නැවතත් ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් නිශ්චිත නොවන බව පෙනෙන්නට ඇති බවයි.

පසුගිය මැයි මාසයේදී රුසියානු සමාගමක් විසින් අඩු මිලට ඉන්ධන ලබා දීමට කැමැත්ත පල කළ බවත් ඒ අනුව එම සමාගම සමඟ සාකච්ඡාවක් පැවති සාකච්ඡාවේදී අවුරුදු 2කින් ගෙවීම සඳහා ඩොලර් මිලියන 300ක ඉන්ධන ලබාදීමට එම සමාගම කැමැත්ත පල කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් සාකච්ඡා අවසන් වී මාසයක් ගතවී ඇතත් එම ඉන්ධන ලබා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර නොමැති බවත් සංස්ථාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් මෙම ව්‍යාපෘතියෙන් කොමිස් නොලැබෙන හෙයින් එය වළක්වා ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...