29 C
Colombo
Saturday, July 27, 2024

ශබ්ද විකාශන යන්ත්‍ර යොදා අරලියගහ මන්දිරයෙන් පිරිත් දාලා

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරිය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් ක්‍රියාත්මක වනවා.

එම ස්ථානය ‘මයිනාගෝගම ‘ ලෙස නම්කර විරෝධතාකරුවන් පිරිසක් අට්ටාලයක් අටවා දින දෙකක පටන් විරෝධතාවයේ නිරත වනවා.

කෙසේවෙතත් අදාළ විරෝධතාකරුවන්ගේ විරෝධතා වැකි නොඇසෙන පරිදි අද (27) උදෑසන පටන් අරලියගහ මන්දිරයේ පිරිත් විකාශය කිරීමට පටන්ගෙන තිබෙනවා.

ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට පවා ඇසෙන පරිදි පිරිත් හඩ මේ වන විට රැව්පිළිරැව් දෙමින් පවතිනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ තුන්වන වරටත් ප්‍රකාශ කළේ තමන් අගමැති ධූරයෙන් ඉවත් නොවන බවයි.

මේ වන විට 76 වන වියේ පසුවන අග්‍රාමාත්‍යවරයා මෙරට දෙවරක් ජනාධිපති ධූරයත්, තෙවරක් අග්‍රාමාත්‍ය ධූරයත් හොබවා තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ පාලන සමයේදී විශාල වශයෙන් වංචා දූෂණ සිදුවූ බවට ජනතාව චෝදනා එල්ල කරනවා.

2015 වසරේදී ජනාධිපති ධූරය අහිමිවූ පසුව වරෙක රැස්වීමක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතාද සදහන් කළේ තමන්ගේ පාලන කාලය තුළ වංචා දූෂණ සිදුවූ බවට තමන්ද පිළිගන්නා බවයි.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...