25 C
Colombo
Sunday, December 10, 2023

අගමැතිට යන්නයි කියා ‘මයිනා ගෝ ගම ‘ ඇරඹෙයි

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වහාම සිය ධූරයෙන් ඉවත්වන ලෙසට බලකරමින් ‘මයිනා ගෝ ගම’ ලෙසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භවී තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ පටන් කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරය ඉදිරිපිට අට්ටාලයක් අටවාගත් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයාට සිය විරෝධය පලකරමින් සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් සොරාගත් මුදල් යළිත් භාණ්ඩාගාරය වෙත භාරදී අගමැතිවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි.

ගාලු මුවදොර සිටින විරෝධතාකරුවන් මීට දින දෙකකට පෙර ගාලුමුවදොර සිට පාගමනින් අරලියගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ මල්වඩම් තබා අරලියගහ මන්දිරයේ සුදුකොඩි එල්ලා අගමැතිවරයාට සිය විරෝධය පලකළා.

අනතුරුව මෙම විරෝධතාකරුවන් පිරිස අරලියගහ මන්දිරය ඉදිරිපිට මෙම විරෝධය ආරම්භ කලද පොලීසිය අරලියගහ මන්දිරය අසළ පදික වේදිකාවේ බස්රථ නවත්වා විරෝධතාකරුවන්ට බාධා කළා.

කොල්ලුපිටිය පොලීසිය මෙම විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සහ කළද අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...