30.1 C
Colombo
Friday, April 26, 2024

දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි

- Advertisement -

වත්මන් දේශපාලන තත්වය තමාට අප්‍රසන්න බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (20) පවසා සිටියා.

පුත්තලමේ අලි සබ්‍රි මන්ත්‍රිවරයාගේ නිවෙසට පහර දෙනවිට එය තමාගේ නිවෙස යැයි සිතා අධිකරණ ක්ෂේත්‍රයේ සමහර නීතිඥයන් උඩ පැන්න බවත් බුදුන් වැඩිය රටක මෙවැනි දේවල් සිදුවිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම සඳහන් කර සිටිනවා.

තමා දේශපාලනයෙන් හරි හම්බ කරගත් පුද්ගලයකු නොවන බවයි ඔහු පවසන්නේ.

ඔහු මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අධිකරණ අමාත්‍යවරයා,

“රුපියල අවපාතවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. මේක දේශපාලන අර්බුදයක් පමණක් නොව ආර්ථික අර්බුදයකුත් වෙනවා. ඒක නිසා තමයි සියලු පක්ෂවලට එක්ව කටයුතු කරමු කියන්නේ. මගෙන් අහනවා බයද කියලා. ඔව් මම බයයි. මම යුද්ධය කරන්න නොවෙයි මේකට ආවේ. මගේ දරුවන්, දෙමාපියන් වෙනුවෙන් මම බයයි. දේශපාලනය කරලා එක සතයක්වත් මම හොරකම් කරලා නැහැ.

මේ ධුරය බාර ගන්න පෙර අවුරුදු පහකට ආදායම් බදු විදියට මම රුපියල් මිලියන 42 ක් ගෙවා තිබෙනවා. හැම සතයක්ම ගෙවා තිබෙනවා. මගේ ආදායමෙන් සියයට 10 ක්වත් මේ සියලු වරප්‍රසාදත් එක්ක මට ලැබිලා නැහැ. රටට‌ කුමක් හෝ කරන්න ඕන කියන අදහස ඇතිව තමයි අපි මේ දේශපාලනයට පැමිණියේ. අනෙක් මිනිසුන්ගේ ගෙවල් ගිනි තියන විට සතුටු වෙලා උඩ පනින මිනිසුන් සිටින රටක්ද මේක. මොකද්ද මේක. ගිනි තිබ්බාම මේක විසඳෙනවාද. මගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි බයයි. මගේ ජීවිතය ගැන නම් මට බයක් නැහැ.

රටට තිබෙන ආදායම වගේ 3.4 ගුණයක් වියදම් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය බරපතලයි. 1948 මේ රට නිදහස ලබන විට 113 කුට එක රාජ්‍ය සේවකයයි හිටියේ. අද 13 කට එක රාජ්‍ය සේවකයෙක් සිටිනවා. මේක බරපතල ගැටලුවක්. රාජ්‍ය සේවාවට මුදල් හොයන්නේ කෙසේද. විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ආකාර තුනක් තිබෙනවා. ඒ සියල්ල මේ වන විට වැහිලා. සංචාරක ක්ෂේත්‍රයෙන් 2018 දී ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක පමණ ආදායමක් ලැබුණා. 23 ලක්ෂයක් ලංකාවට ආවා. ඒ සියල්ල නැවතුණා. එකිනෙකාට ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ. නැවත සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවන්න ඕන. මුදල් අමාත්‍ය ධුරය දරන විට හර්ෂ මහතා සමඟ එහෙමත් සාකච්ඡා කළා. ඇත්ත ඇති ආකාරයට පැහැදිලි කර දෙන්න කීවා. අයි.එම්.එෆ්. සාධනීය පිළිතුරක් දැන් ලබා දී තිබෙනවා. බිලියන 4 ක් 5 ක් ඉදිරි වසර තුන තුළදී ලැබෙයි කියලා විශ්වාස කරනවා.

සත්‍ය තත්ත්වය තේරුම් ගන්න. මගේ රියදුරන් පවා ඉන්ධනහල් වලට ගොස් පැය ගණන් සිට පෙට්‍රල් ගහගන්න බැරිව පැමිණියා. මේ කැංටින් එකෙන් අපි කන්නේ නැහැ. මේ කාලය තුළ දවස් 10 ක් වත් මම මේ කැංටින් එකෙන් කාලා නැහැ. මගේ ගෙදර අය මේකට ඇවිත් කන්නේ නැහැ. මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වල අය මේ පාර්ලිමේන්තුවට ඇවිත් කෑම කන බවට වැරදි මතයක් සමාජගත කර තිබෙනවා. අඩු ගාණේ මගේ දරුවෙක් පාර්ලිමේන්තුවට තියා අමාත්‍යාංශටවත් ගිහිං නැහැ. ඉදිරි මාස හයක් පමණ වන විට මීටත් වඩා ජීවත් වෙන්න අමාරු වෙනවා. සාමාන්‍ය බැංකු හරහා ඩොලර් ටික දාන්න කියලා ජනතාවට කියනවා. සංචාරක ක්ෂේත්‍රය නැවත ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න. රුපියල් 43 ක් අපි ගෙවන විදුලිය වෙනුවෙට රුපියල් 10 න් 15 කළ හැකි සූර්ය බලය ගන්න. දේශපාලකයන් පස්සේම පමණක් පන්නන්න එපා. අනෙක් අයගෙනුත් අහන්න ඔවුන් බදු ගෙවනවාද කියලා. දේශපාලකයන් සිටින්නේ 225 යි. ඔවුන්ට රුපියල් 5.5 යි විදයම් කරන්නේ. ඒකත් ඕන නම් කපා දමන්න. නමුත් දේශපාලකයන් හැර ආදායම් දෙපාර්තිමේන්තුවේ, කස්ටම් එකේ සිටින අය ආදායම් බදු ගෙවනවාද කියලා බලන්න. අපේ සම්පූර්ණ ආදායම ට්‍රිලියන 1.4 යි. වියදම 3.4 යි. මෙන්න බරපතල ප්‍රශ්නය. සිහින මාලිගාවල සිටිමින් පාරවල උද්ඝෝෂණය කළා කියලා මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. මම නම් මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. අපිට එපා මේවා. අපි ආවේ මේවාට නොවේ. රටට ආදරේ කවුරු හරි තමන්ගේ බදු හරියට ගෙවූ පුද්ගලයන්ට මේ ස්ථානයට පැමිණීමට පාර සැදිය යුතුයි.

අපි නම් මීට පස්සේ මේ පැත්ත පළාතේවත් එන්නේ නැහැ. මගේ ක්ෂේත්‍රයේ සිටින නීතිඥවරුන් පුත්තලම අලි සබිරි මන්ත්‍රීවරයාගේ ගේ ගිනි ගත් විට මගේ ගේ කියලා හිතලා ෂෙයා කරමින් සතුටු වුණා. බුදුන් වැඩි මේ රටේ කොහොමද එහෙම සතුටු වෙන්නේ. මොන තරම් තිරිසන් සමාජයකද අපි මේ ඉන්නේ. මේ රටේ හැම මිනිසාම වග කියන්න ඔ්න මේකට. තමන්ගේ රැකියාට හරියට කරනවාද කියලා තම තමන්ගෙන් අහන්න. අපි මහන්සි වෙලා වැඩ නොකළොත් පරම්පරා ගණනකට මේ ණය ගෙවා ඉවර කරන්න බැරි වෙයි. තමන්ගේ යුතුකම් රටට ඉටු කරන්න. එවිට රට දියුණු කළ හැකියි. ආණ්ඩුව පන්නලා අලුතින් ආණ්ඩු හදන්න හිතුවා මිස රට හදන එක ගැන හිතුවේ නැහැ. අපිත් මේ ගැන අධ්‍යයනය කරන විට ප්‍රමාද වැඩියි. ඒ ගැන දැන් කියලා වැඩක් නැහැ. අයි.එම්.එෆ්. නොගිය එක, බදු අඩු කළ එක අපේ ආණ්ඩුවත් කළ වැරැද්දක්. මට මේ දේශපාලනය අප්‍රසන්නයි. පමා වෙලා හරි සියලුදෙනා එක්ව මේ රට ගොඩදාන්න. මේ අමාරු අවස්ථාවේදී එක්ව රට ගොඩදාන්න කියලා විපක්ෂ නායකවරයාගෙනුත් ඉල්ලා සිටිනවා.”


RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...