විරෝධතාවයේ යෙදෙන ජනතාව ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත වනවා.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වී මැතිවරණයක් කැඳවිය යුතු බවටයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.
මේ අතර අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ පිරිසක් මේ වන විට අරලියගහ මන්දිරය ඉදිරිපිට ද විරෝධතාවයක නිරත වනවා.
තවද, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ පොළොන්නරුවේ නිවෙස විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බව වාර්තා වනවා.
මෙහිදී විරෝධතාකරුවන් විසිරවීමට පොලිසිය කඳුළු ගෑස් ද භාවිතා කර තිබෙනවා.



