33 C
Colombo
Thursday, May 2, 2024

මුරුත්තෙට්ටුවේ හිමි සමඟ හිතවත්කම ඇති වූ හැටි ප්‍රියංකා හෙළිකරයි

- Advertisement -

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ චරිතාපදානය සඳහා උත්සවයක් පැවැත්වීමට මුදල් යොදවන ලෙස ලැබුණු ආරාධනාවක් මත තමන්, එම ස්වාමීන් වහන්සේ සමග හිතවත්කමක් ඇති කර ගත් බව කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර ප්‍රකාශ කරනවා.

ඒ, මුරුත්තෙට්ටුවේ හිමිගේ v8 රථය සම්බන්ධයෙන් ඇයට එල්ලවන චෝදනා වලට පිළිතුරු ලබා දෙමින්.

එම හාදකම මත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හා තමන් ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් එය පාඩු ලැබූ නිසා එම මුදල ගෙවීම සඳහා රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස කළ ප්‍රකාශ මත V8 රථය විකුණූ බවත් ඇය පවසනවා. 75 දෙනෙකුගේ රැකියාව අහිමි වීමේ අවදානමක් ඇති වූ බැවින් එම මුදල ලබා ගැනීමට සිදුවූ බවයි ඇය පවසන්නේ.

කෙසේ නමුත්, එම රථය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නමට ලියාපදිංචි කර නොමැති බවත්, එසේ ලියාපදිංචි කර තිබේ නම් තමන්ට විකුණා ගැනීමට නොහැකි බවත් ඇය පවසනවා. තවද, වාහන අයිතිය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ඇති බවට ඔප්පු කිරීමට හැකි නම් එය පෙන්වන ලෙසත් ඇය අභියෝග කරනවා.

ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ සිය මියගිය අම්මා වෙනුවෙන් සිද්ධ හූනියම් දේවාලයක් ද ඉදි කර ඇති බැවින් තමන්ට අසාධාරණයක් කිරීම දෙවියන්ගෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ඇය පවසන්නේ.

මූල්‍ය චෝදනා ලැබ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි පියුමාලි නමැත්තිය වෙත තමන්ගේ ජීප් රථයක් ලබා දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ නගන චෝදනාව අසත්‍ය බවත්, තමන් සිය ජීප් රථය ලබා දුන්නේ තිළිණි පියුමාලිට නොව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක වන ප්‍රියංකා ජයසේකරට බවත් ඇය එම වාහනය විකුණා තමන්ට මුදල් ලබා නොදුන් බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පසුගියදා පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

පරාටේ නීතිය ගැන විශේෂ තීරණයක්

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල් කාරක සභාව පෙන්වා...

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා...

කටුනායක වීසා නිකුත් කරන්න ඉන්දියන් සමාගමකට දීලා, සංචාරකයින් පෝළිමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්  ඊයේ (01) එම පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා. මේ හේතුවෙන්, විදේශිකයන් ගුවන්තොටුපළේ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...