32 C
Colombo
Friday, March 31, 2023

සෞඛ්‍ය නීති කඩනවා යැයි කියමින් පුද්ගලයින් ඔසවාගෙන යාම සියලු දෙනාම අනතුරේ හෙළීමක් – වෛදවරුන්

- Advertisement -

මුව ආවරණයක් නොපැලදීම, මුව ආවරණය නිසිපරිදි නොපැළදීම, මුව ආවරණය පහත් කොට සිටිීම හෝ නිසි පරතරය තබාගෙන නොසිටීම යන සෞඛ්‍ය කාරණාවලට මැදිහත්වී පොලීසිය විසින් පුද්ගලයින් ඔසවාගෙන බස්රථයකට පටවාගෙන යෑම මේ දිනවල දිවයිනේ ස්ථාන කිහිපයකින් වාර්තා වුණා.

කෙසේ වෙතත් අදාළ ක්‍රියාව මුව ආවරණය නොපැලද සිටිනවාට වඩා භයානක තත්ත්වයකට අතවැනීමක් බවට සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

මේ ආකාරයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන යෑමට එන පොලිස් නිලධාරීන් ඇඳගෙන සිටින්නේ පෞද්ගලික ආරක්ෂණ උපකරණයක් (PPE) නොව Police යනුවෙන් සටහන්වූ වැහි කබායකි.

එමගින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවන බවට ව්‍යාජ හැඟීමක් ඇතිවුවද කිසිදු ආකාරයක සෞඛ්‍යාරක්ෂාවක් ඉන් නොලැබෙන බවට වෛද්‍යවරුන් අදහස් පලකරනවා.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය පැතිරීම (Cross Infection) වළක්වා ගැනීමට නම් එක් පුද්ගලයෙකු ඔසවාගෙන ගොස් ඊළඟ පුද්ගලයාට ළං වීමට පෙර PPE උපාංග අළුතින් පැළඳගත යුතු බවයි.

මෙලෙස වැහිකබා ඇඳ කරන ජනප්‍රියවාදී අමනෝඥ ක්‍රියාවෙන් මහජනතාව පමණක් නොව පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද තවදුරටත් මෙම මාරාන්තික වසංගතයෙන් අනාරක්ෂිත බවට වෛද්‍යවරුන් අදහස් පලකරනවා.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...