29 C
Colombo
Thursday, May 2, 2024

සංඛ අමරජිත් ‘මාධ්‍යශූරී’ වෙලා

- Advertisement -

ශ්‍රමාභිමානී ජාතික සංවිධානය මගින් 15 වන වරටත් සංවිධානය කල ශ්‍රමාභිමානී ජාතික සම්මාන උළෙල අගෝස්තු 02 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වනු ලැබූවා.

මෙහිදී TV දෙරණ මාධ්‍ය නාලිකාවේ මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතා ‘මාධ්‍යශූරී’ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් කඩුවෙල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හෙක්ටර් බෙත්මගේ මහතා සහභාගී වුණා.

මාධ්‍යශූරි සංඛ අමරජිත් මහතා 2016 වසරේ පැවති නිදහස් දිනයේ සන්ධ්‍යාවේදී පැවති උත්සවයකදී ගායිකාවක් විසින් ගායනා කළ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය පිළිබඳව ‘දෙරණ-අරුණ’ වැඩසටහනේදී ද්වේශ සහගතව අදහස් දැක්වීම සම්බන්ධයෙන් තාවකාලිකව වැඩතහනමකටද ලක්ව සිටියා.

එම ගායනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංඛ අමරජිත් මහතා ප්‍රකාශ කළේ “බැලලියෝ ඔන්න ඔහොම සද්ද කරනවා රෑට. එතකොට අපි මොකද්ද කරන්නේ ගඩොල් බාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද. මූසලයි මුස්පේන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ.” ලෙසයි.


RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...