28.6 C
Colombo
Monday, October 25, 2021

දැරියක් දූෂණය කළ සාරුවා සුනිලුත් ඇප ඉල්ලයි

- Advertisement -

බාල වයස්කාර දැරිවියක් දූෂණය කර වරදකරුවී දඬුවම් විඳින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබෙනවා.

අදාළ පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී තිබෙනවා.

ඇප ඉල්ලීමේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර චූදිතයා අතින් තමා දූෂණය නොවූ බව පැමිණිලිකාර දැරිය විසින් මහාධිකරණ නඩු විභාගයේ දී ප්‍රකාශ කර ඇති බවයි.

තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඔප්පු කිරීම සඳහා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කළත් එම වීඩියෝ සාක්ෂි තහවුරු කෙරෙන ස්වාධීන සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇතැයිද ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අභියාචනාධිකරණයට කියා සිටියා.

ඒ අනුව විත්තිකරු වරදකරු කිරීමට මහධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, මේ හේතුවෙන් අදාළ සිර දඩුවමට ඒරෙහිව තම සේවාදායකයා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුව ඇප මත මුදා හරින ලෙසත් ජනාධිපති නීතිඥ ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අධිකරණය නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර අත්තේ මෙම පෙත්සම සම්බන්ධයෙන් ජුලි මස 20 වනදා කරුණු දක්වන ලෙසයි.

2012 මැයි මස 23 වැනිදාත් 2012 ජුලි මස 02වැනිදාත් අතර කාලයේ අකුරැස්සේදී බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් ඇයට ලිංගික අපරාධයක් සිදුකළ බවට වූ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළා.


RECENT ARTICLES - SINHALA

මුදල් නැතිව ගනුදෙනු කරමු

0
ඩිජිටල් තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් LANKAQR දිවයින පුරා ව්‍යාප්ත කිරීම අද (25) දින...

දියර පොහොර ගනුදෙනුව ගැන CIDයට පැමිණිල්ලක්

0
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, ඉන්දියාවෙන් දියර පොහොර...

පොලිසියේ ඉහළ නිලධාරීන්ට දඬුවම් ලැබෙන හේතුවක් ඇමති සරත් කියයි

0
පහල නිලධාරීන්ගේ අල්ලස දූෂණය වැළැක්වුයේ නැත්නම් ඉහළ නිලධාරීන්ට දඬුවම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහාතා පවසනවා. පහල...

RECENT ARTICLES - ENGLISH

Ed Sheeran tested positive for COVID-19

0
Singer-songwriter Ed Sheeran announced on Sunday that he has tested positive for Covid-19. "Quick note to tell you that...

Gautam Adani to meet President today

0
Gautam Adani, chairman of the Adani Group, is scheduled to meet President Gotabaya Rajapaksa in Colombo on Monday (25).

Communist Party terminates Raja Kollure’s party chairmanship

0
The Communist Party of Sri Lanka has decided to terminate party Chairmanship of North Western Province Governor Raja Kollure.