28 C
Colombo
Saturday, May 4, 2024

ණය නොගෙවපු නිසා ශ්‍රී ලංකාව තවත් පහළට දාලා

- Advertisement -

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පහත හෙළා තිබෙනවා.

මීට පෙර පැවති CC තත්ත්වයේ සිට “Selective Default” දක්වා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දමා ඇති බව එම ආයතනය නිවේදනය කරනවා.

දින 30ක කාලයකින් පසු 2023 – 2028 කාලයේදී කල්පිරීමට නියමිත ස්වෛරීත්ව බැදුම්කර පොලී ගෙවීම මඟහැරීම මත ශ්‍රේණිගත කිරීම් D මට්ටම දක්වා තවදුරටත් පහත පැවතිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් පවත්නා ආර්ථික තත්ත්වය හේතුවෙන් එම කාලය තුළ ශ්‍රී ලංකා රජය අදාළ ගෙවීම් සිදුකරනුඇති බවට අපේක්ෂා කළ නොහැකි බවද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය සදහන් පවසනවා.

2019 දෙසැම්බර් 18 වනදා සිට ෆිච්, මූඩීස් හා ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් සෘණාත්මක ලෙස පහත දැමුවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...