25 C
Colombo
Sunday, May 19, 2024

මේ තීරණාත්මක මොහොතේ තායිලන්ත භික්ෂුව හා අපේ රටේ භික්ෂුව

- Advertisement -

අග්නිදිග ආසියානු රාජධානිය වන තායිලන්තය මේ වන විට කොවිඩ්-19 තුන්වෙනි රැල්ලෙන් දැඩි ලෙස පීඩාවට පත් ව සිටිද්දී ව්‍යසනකාරී මොහොතේ රට ගලවා ගැනීමට ඉදිරිපෙළේ සෞඛ්‍ය අංශ සමඟ බෞද්ධ භික්ෂූන් ද පෙරමුණට පැමිණ සිටිනවා.

රට පුරා බෞද්ධ ආරාම මේ වන විට හුදෙකලා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්වෙලා.

එම ආරාමයන්හි වෙනදාට සන්සුන් ගමනින් වඩින භික්ෂූන්වහන්සේලා PPE ආරක්ෂණ ඇඳුම්වලින් සැරසී ඔක්සිජන් සිලින්ඩර එහා මෙහා රැගෙන යන ආකාරය දැන් සුලබ දසුනක් වී අවසන්ය.

කොවිඩ්-19 පරීක්ෂණය කරන ස්ථාන වල පමණක් නොව මියගිය රෝගීන් ආදාහානගාර වෙත රැගෙන යන්නේ ද වෙනදාට ආගමික වතාවත්වලට පමණක් සහභාගී වන භික්ෂූන් වහන්සේය.

මේ තායිලන්තය තුළ මේ වන විට පවතින තත්ත්වයයි.

අප්‍රේල් පළමුවෙනිදා,මතු වූ තුන්වෙනි රැල්ල මේ වන විට උච්චතම තැනට පැමිණ ඇති අතර නයිට් ලයිෆ් දිස්ත්‍රික්කයක් ලෙස සැලකෙන බැංකොක් නගරයෙ හි කොවිඩ්-19 පොකුරු නිර්මාණය වී තිබෙනවා.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව තෙවැනි රැල්ලෙන් වාර්තා වුණු රෝගීන් ගණන 643,522 ක්.

අධිකව බෝවන ඩෙල්ටා ප්‍රභේදය එහි ව්‍යාප්ත වී ඇති අතර පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 ආශ්‍රිත මරණ 188 ක් වාර්තා වුණා.නව ආසාධිතයන් 20,200 ක් වාර්තා වී තිබුණා.

රට පුරා කොවිඩ්-19 සඳහා වෙන් කළ ආරාම අතර වට් සුති වාරාරම් හි වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩල අතර යුහුසුළුව වැඩ කරන භික්ෂූන්වහන්සේලා බොහොමයක් ය.

“භික්ෂූන්වහන්සේලා වන අප ජීවත්වන්නේ මිනිසුන්ගෙන් පරිත්‍යාග ලැබෙන නිසා.අපට දුන් දේ පෙරළා නැවත මිනිසුන් වෙත දීමට කාලය පැමිණ තිබෙනවා.අඩුම තරමින් දිගටම සටන් කිරීමට අපිට ඔවුන් දිරිමත් කිරිම කළ හැකියිනේ”කොවිඩ් සටනේ පෙරමුණෙහි බර කරට ගත් බොහෝ භික්ෂූන් වහන්සේලා එසේ පවසනු ලබනවා.

ආසාදන හා මරණ උත්සන්න වීම නිසා සෞඛ්‍ය සේවා පද්ධතිය දුර්වල වීමත් සමඟ තායිලන්තයේ රජය තවත් සති දෙකක කාලයක් සඳහා අගුලු දැමීමේ පියවර දීර්ඝ කිරීමට ද පියවර ගනු ලැබුවා.

බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි පැතුම් තානි හි ආරාමයක් වාර්තා කරන්නේ වසංගතයට මාස 2-3 කට සාපේක්ෂව දිනකට මළ සිරුරු 4-5 ක් පමණක් ආදාහනය කළ බවයි.නමුත් මේ වන විට ඇතැම් භික්ෂූන් වහන්සේලා අලුයම සිට හිරු අවරට යන තෙක්ම ආදාහනය කිරීම් සහ අළු එකතු කිරීමේ කාර්යයන්හි නියැලෙන ආකාරය දැකීමට පුළුවන්.

තීරණාත්මක එන්නත් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අපොහොසත් වීම, ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමාද වීම, එන්නත් මිලට ගැනීම සැපයීම නිලවශයෙන් අපහැදිලි වීමත් වසංගතය පාලනය පිළිබඳ හමුදා රජයට දුර දක්නා ක්‍රමවේද නොමැති වීම තුළ තුන්වෙනි රැල්ල තුල වෛරසය රජයේ පාලනයෙන් ගිලිහුණා.

රජය විසින් නොසලකා හරින ලද අවදානමට ලක් වූ තායිලන්ත ජාතිකයින්ට උපකාර කිරීම සඳහා කළ හැකි සියලු දේ කරමින් භික්ෂූන් වහන්සේ ඉදිරියට පැමිණීම මිනිසුන්ට විශාල ශක්තියක් වී තිබෙනවා.

“මෙහි අවදානම ගැනීමට අප කැමැතියි. අපට වෛරසය වැළදුනහොත් කිසිදු පසුතැවීමකින් තොරව එය පිළිගැනීමට අප සූදානම්”

2015 රජයේ සංගණන දත්ත වලට අනුව තායිලන්තය ප්‍රධාන වශයෙන් ථෙරවාදී බෞද්ධ රටක් වන අතර, මිලියන 69.5 ක ජනගහනයෙන් සියයට 94.5 ක් බෞද්ධයන් ය.


RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...