32 C
Colombo
Saturday, May 4, 2024

විදුලිබල මණ්ඩලය අක්‍රීය විදුලි ජනන යන්ත්‍ර මිලට ගන්න බිලියන 3.1ක් වැය කරලා

- Advertisement -

2018, 2019 කාලසීමාවට අදාළව රුපියල් මිලියන 3,100ක් වැය කොට මිලදීගත් විදුලි ජනක යන්ත්‍ර 50ක්, මිලදී ගන්නා විටම ක්රිකයාකාරී තත්ත්වයේ වත් නොපැවතීම පිළිබඳව කෝප් කමිටුවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (10) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී‍යි.

මෙම ජනක යන්ත්‍ර 50 පිළබඳ තොරතුරු සාකච්ඡා කිරීමේදී කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් ද ද මේ පිළිබඳ අදහස් දැක්වීම සිදු කළ අතර ඔවුන් පෙන්වා දුනනේ මෙම ජනක යන්ත්‍ර මිලදී ගන්නා විටත් ක්‍රියාකාරී තත්ත්වයේ නොපැවතී ඇති බවයි. මේ නිසා මෙම මිලදී ගැනීම් වලදී තත්ත්ව පරීක්ෂාවක් සිදු වූවාද යන්න පිළිබඳව සහ මේ සඳහා වියදම් වූ මිල පිළිබඳව ඔවුන් විසින් විමසන ලදි.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුනනේ මෙම මිලදීගැනීම් වලදී නිලධාරීන් පරීක්ෂාවක් සිදු කොට ඇති බවත් එම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 3100 ක් වැයවූ බවත් අද වන විට මෙම ජනක යන්ත්රල 50ම ක්රිමයාකාරීව පවතින බවත්ය.

මෙම ජනක යන්ත්ර මුල්කාලීනව ක්රියාත්මක නොවූ බවත් නවීකරණය කිරීමෙන් පසු ක්රිහයාත්මක වන බවත් ඒ අනුව, කුමන ආණ්ඩු කාලසීමාවක මිලදී ගත්තද ක්රිමයාකාරී තත්ත්වයේ නොපවතින ජනක යන්ත්ර මිලදී ගැනීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාරක සභා සාමාජික මන්ත්රීුවරු සඳහන් ක‍රන ලදි.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා මේ පිළිබඳ වාර්තාවක් සති 2 ක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස නිර්දේශ කළේය.

එසේම දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳවද සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ 2022 – 2041 වර්ෂය සඳහා සකසා ඇති නව ජනන සැලැස්ම පිළිබඳ තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලැබී නැති බවයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ 2018 – 2037 වර්ෂ සඳහා සකස් කළ ජනන සැලැසමට අදාළ තොරතුරු බවත් මෙහිදී සඳහන් විය.

මේ අනුව කෝප් කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ හැකි ඉක්මනින් අනුමතිය ලැබී ඇති නව ජනන සැලැස්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසයි. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 2019ට පෙර පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්තීන්ට අනුව පුනර්ජනනීය බලශක්තිය 50% සපුරාලීමේ අවශ්යුතාව පෙන්වා දුන්නද නව රජය බලයට පත්වීමත් සමග පුනර්ජනනීය බලශක්ති අවශ්යේතාව 70% ක් ලෙස පෙන්වා දුන් බවයි. ඒ අනුව නව ජනන සැලැස්ම සකස් කළ බවත් ඔවුන් පෙන්වා දෙන ලදි.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ දේශපාලන අධිකාරිය වෙනස්වීම මත ප්රිතිපත්ති වෙනස් වුවද ජනන සැලැස්ම වෙනස් නොවී පවත්වාගෙන යාම වැදගත් වන බවයි.

මීට අමතරව ඉන්දියාවේ “අදානි” සමාගම සමග එළඹී ඇති අවබෝධතා ගිවිසුම පිළිබඳවද ඒ සඳහා සිදුකරන ශක්යතා අධ්‍යනය පිළිබඳවද, හදිසි බලශක්ති මිලදීගැනීම් පිළිබඳවද, පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා තැන්පතු සඳහා පොලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය


RECENT ARTICLES - SINHALA

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...