32 C
Colombo
Thursday, May 2, 2024

බලෙන් බියර් ගන්න ගිය කොස්තාපල් ගුටි කාලා

- Advertisement -

බියර් වෙළඳසැලකට පැමිණ මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළඳසැල් සේවකයින්ගේ පහරකෑමට ලක්ව නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස පහර කෑමට ලක්ව තිබෙන බවයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ අදාළ බියර් හලට පැමිණ බලහත්කාරයෙන් බියර් ඉල්ලීමේදී මෙම ආරවුල ඇති වී ඇති බව පොලීසිය සදහන් කරනවා.

පහරකෑමෙන් අනතුරුව රෝහල් ගත කළ මෙම කොස්තාපල්වරයා පොලීසියට පවසා ඇත්තේ පහරදීම සිදුවන අවස්ථාවේදී තමන් පැලඳ සිටී රන් මාලයක් හා අත් පළඳනාවක් පහර දුන් පිරිස පැහැර ගත් බවයි.

එහෙත් පොලිසිය විසින් සිදුකළ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවෙන් අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා රන් භාණ්ඩ පැළඳ ගෙන එම ස්ථානයට නොපැමිණි බවයි.

මෙම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු කරන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...