30.1 C
Colombo
Friday, April 26, 2024

රට අනතුරක..! – 20ට වැඩි අය ලක්ෂ 60ක් බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නෑ

- Advertisement -

අවුරුදු 20ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යළිත් ඉහළ යාම හමුවේ බුස්ටර් එන්නත ලබා නො ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දෙන්නේ.

කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකක් පමණක් ලබා සිටින පුද්ගලයන්ගේ වෛරසය සඳහා මුහුණ දීමට පවතින ප්‍රතිශක්ති මට්ටම් හීන වෙමින් පවතින බවත් බූස්ටර් එන්නත ලබා දිය හැකි ෆයිසර් එන්නත් රජයේ සෞඛ්‍ය ගබඩා තුළ පවතින බවත් වෛද්‍යවරයා සඳහන් කරනවා.

එබැවින්, බූස්ටර් එන්නත ලබා දීමේ දී කිසිදු එන්නත් හිඟයක් නොමැති බැවින් බූස්ටර් එන්නත ලබා නොගත් පිරිස් අදාළ එන්නත් මාත්‍රාව ලබා ගැනීමට කඩිනමින් යොමු වන ලෙසයි වෛද්‍යවරයා ප්‍රකාශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අදාළ එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා රෝහල්වලින් ලබා ගැනීමට හැකියාව ඇතැයි ද ඔහු පවසනවා.

මේ අතර, කොවිඩ් ආසාදිතයින් 131 දෙනෙකු ඊයේ (28) මෙරටින් හඳුනා ගෙන තිබෙන අතර ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 665,379ක් දක්වා ඉහළ ගියා.


RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...