32 C
Colombo
Sunday, May 5, 2024

මැයි 09 සිද්ධිය: ජනාධිපති, දේශබන්දුට විනාඩි 11ක් උපදෙස් දීලා

- Advertisement -

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය වූ මැයි මස 09වන දිනයේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මිනිත්තු 11 කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලබා ගත් බවත් එලෙස උපදෙස් ලබා ගත් වහාම දෙපිරිසේම සිටි පිරිස විසුරුවා හැරීමට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (01) දින දන්වා සිටියා.

ජනාධිපතිවරයා එහිදී කිසි ලෙසකින්වත් අරලියගහ මැදුරේ සිටි පිරිසට ගාලුමුවදොර පිටියට යාමට ඉඩ නොදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට පවසා ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ඉහළ පොලිස් නිලධාරින් දෙදෙනෙකුගෙන් ලැබුණු උපදෙස් එම ගැටුම් වළක්වාලීමට ප්‍රමාණවත් නොවන නිසා ඔහු ජනාධිපතිවරයාගෙන් උපදෙස් පැතූ බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

”ස්වාමීනි, මගේ සේවා දායකයා සිද්ධිය වන අවස්ථාවේ සිටියේ නිළකාමරයේ. සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් වහාම එම ස්ථානයට පැමිණියා. එහිදී මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගෙන් පොලිස්පතිවරයා ලබා දුන් උපදෙස් ලැබුණා. එම උපදෙස් සම්බන්ධයෙන් මා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් විමසුවා. එම උපදෙස්වලට අනුව ගැටුමේ මූලික කොටස වළක්වාලීමට නොහැකි වුණා. එම නිසා ඔහු ජනාධිපතිවරයාට මිනිත්තු 11 ඇමතුමක් ගෙන තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා වහාම එම ගැටුම් වළක්වාලීමට කටයුතු කරන ලෙස අවධාරණය කර තිබෙනවා” යැයි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටින ලදී.

එම අවස්ථාවේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ද විවෘත අධිකරණයේ සිටියේය.

ජනාධිපති නීතිඥවරයා මෙලෙස අදහස් පළ කළේ ගැටුම නවතාලීමට දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ පියවර සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේ දී ය.

එහිදී ඊට එරෙහිව මත පළ කළ අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සහ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...