28.1 C
Colombo
Friday, April 26, 2024

ජනාධිපතිවරයාගේ නමින් විවෘත කළ ක්‍රීඩාංගනයේ සමරු ඵලකයෙන් දෙමළ භාෂාව හැලෙයි (ඡායාරූප)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (10) විවෘත කිරීමට යෙදුණු ‘ගෝඨාභය රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ’ සමරු ඵලකයෙන් දෙමළ භාෂාව ඉවත්කර තිබීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශව විසින් විරෝධය එල්ලවනවා.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායන මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නෙ අදාළ ක්‍රියාව හරහා මෙරට භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වී ඇති බවයි.

මනෝ ගනේෂන් මහතා පවසන්නෙ ක්‍රීඩංගනයක් හෝ ගබඩාවක් හෝ කුමක් වුවද එය ලංකාව තුළ විවෘත වන්නේ නම් පළමු පුරවැසියා වශයෙන් ජනාධිපතිවරයාට මෙරට භාෂා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ වගකීමක් ඇති බවයි.

මේ අතර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ ක්‍රියාව හෙළා දැක තිබෙනවා.

ඔහු පවසන්නේ පසුගියදා චීන සමාගමක් විසින් ඔවුන්ගේ නාම පුවරුවකින් දෙමළ භාෂාව අත්හැර දැමූ විට තමන් කණස්සල්ලට පත්ව සිටි බවයි.

නමුත් මෙරට ජනාධිපතිවරයාම මෙලෙස කටයුතු කරන විට අනෙක් පාර්ශව වලින් භාෂා ප්‍රතිපත්තිය ආරක්ෂා වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිදැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...