28.2 C
Colombo
Saturday, April 27, 2024

මෙරට වැලි හිඟයක් තියෙනවා

- Advertisement -

මෙරට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ වන වැලි වල හිඟයක් ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, පෙරේදා (14) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

2021 සිට 2025 වර්ෂය දක්වා සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා වැලි ඝන මීටර් මිලියන 55ක් අවශ්‍ය වන නමුත් මේ වන තෙක් හඳුනාගෙන ඇත්තේ මිලියන 41 ක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් වැලි ‍‍ලබා ගැනිමේ විකල්ප හඳුනාගත යුතුව ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන්ම, වැව්වලින් හාරා ඉවත් කෙරෙන පස් ගෙන ගොස් තෙත් බිම් හා කළපු ගොඩ කිරීමේ ජාවාරමක් පිළිබඳ වාර්තා වී ඇති බවත් ඒ පිළිිබඳ සොයා බලන්නැයි පොලිසියට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා පවසනවා. තවද, ඒ සම්බන්ධව වාර්තාවක් ලබා දෙන්නැයි භූ විදයා හා පතල් කැණීම් කාර්යංශයට ද උපදෙස් දුන් බවත් ඔහු පවසනවා.

මේ අතර, පිරිපහදු වැලි ඉතා සුළු ප්‍රමාණයක් වරින්වර අපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිරත ශ්‍රී ලාංකීය සමාගම්වලට යොදාගැනීම පිණිස මෙම පිරිපහදු වැලි එලෙස අපනයනය කර ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.

මේ වනවිට ආසන්න වශයෙන් කියුබ් 8ක්, කියුබ් 1ක් රුපියල් 180,000ක පමණ මුදලකට අපනයනය කරන බවයි තහවුරු වී ඇති බවයි අදාල නිවේදනයෙන් වැඩිදුරටත් පැවසුණේ.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...