27 C
Colombo
Saturday, June 10, 2023

මම බැලුවට විශේෂඥයෝ දන්නෙ නෑ – මේ ප්‍රස්තාර වැරදියි..! (වීඩියෝ)

- Advertisement -

පසුගිය 14 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද ජුනි 11 වනදා මරණ 101ක් වාර්තාවූ බවට ලැබුණු දත්ත පදනම් කර ගනිමින් ලබන 21 වනදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අනාවරණ වී තිබෙනවා.

පසුව මෙම මරණ සිදුවී ඇති ආකාරය පිළිබඳ සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුලුල් විමර්ශණයක් කර ලබාගත් දත්ත පිළිබඳ ජනාධිපතිවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිළි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

එහිදි අනාවරණ වී ඇත්තේ ඇතැම් මරණ පෙබරවාරි 6 සිට ජුනි 11 දක්වා මාස 4ක කාලසීමාව තුල සිදුවී මරණ සහතික ද නිකුත් කර ඇති බවටයි.

ඇතැම් මරණ පිළිබඳ තොරතුරු අවස්ථා දෙකකදී සඳහන්ව ඇති බවට ද සොයාගෙන තිබෙනවා.

ජුනි 11 වනදා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බවට සිදුකළ පුලුල් විමර්ශණයෙන් හෙළිකරගත් බවයි ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ.

මේ අනුව, කොවිඩ් නොවන හේතූන් මත මියයන අයගේ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කිරීමට අනුමැතිය ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

දත්ත සැපයීමේ නිවැරදිවීම සහ කාලීන වීම නිවැරදි තීරණ ගැනීමට අත්‍යවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

මේ අතර, කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී තීරණය කෙරුණේ ලබන 21 වනදා අලුයම 04 සිට සංචරණ සීමා ලිහිල් කිරීමටයි.

එහෙත්, පළාත් අතර පනවා ඇති සංචරණ සීමා ලිහිල් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජුනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පමණක් පෙර පරිදිම සංචරණ සීම නැවත ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරෙනවා.


RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.