26 C
Colombo
Saturday, May 18, 2024

ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

දියතලාව නරියා කන්දේ පැවති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී ඊයේ (21) සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අනතුරුව අනතුරින් තුවාල ලැබූවන් 25 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ අතර, ඉන් දෙදෙනෙකු එම රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් පොලිසිය සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...