32 C
Colombo
Thursday, May 2, 2024

වාසුදේව ඉන්නෙත් නෑ – යන්නෙත් නෑ ලු (වීඩියෝ)

- Advertisement -

තමා සිය අමාත්‍ය ධූරයේ කටයුතු වල නිරත වීමෙන් ඉවත් වන බවත් අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට සහභාගී වීමෙන් වැළකෙන බවත් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ඒ, උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ යන මහත්වරුන්ව අමාත්‍යධූර වලින් නෙරපීමට විරෝධතාව පළ කරමින්.

කෙසේ නමුත් තමා ඉල්ලා අස් නොවන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පවසා සිටියේ.

අවශ්‍ය නම් අමාත්‍ය වැටුපද ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අවධානම පෙන්නන කොට ස්විච් එක නිව්වම හරියනව ද? මේ සම්බන්ධයෙන් ජනතාව පෙළගැස්වීමට අපිට වගකීමක් තියෙනවා. අපි විපක්ෂයට එකතු වෙන්නෙ නෑ. අපි අපේම ආවේණික වැඩපිළිවෙලක් වෙනුවෙන් ජනතා සහයෝගය එකතු කරනවා. උදය-විමල් විශාල ජනවරමක් ලැබූ අය. ඒ ගැණවත් තැකීමක් නෑ. ඔවුන්ට විරුද්ධව ගත් තීරණය ජනවරමට විරුද්ධව ගත් තීරණයක්.

රටේ පොදු ජනතාවගේ ජීවිත විශාල ගැටළුවක තියෙන්නේ. කෙටිකාලීනව ගැනීමට ඇති පියවර ගන්න ආණ්ඩුවට බලකරමින් ජන බලවේගයක් පෙළගස්සනවා. අපේ වැඩ පිළිවෙල දිහා නොබලා වෙන කාරණාවක් මුල්කරගෙන මේ තීරණ අරගෙන තියෙන්නේ. මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕනෙ. සජබෙට, ජවිපෙට යන්න බැරි නමුත් ආණ්ඩුවට ඡන්දය දුන්නු අයට හෙවණක් වෙන්නයි මේ එකමුතුව අපි ඇති කළේ”

RECENT ARTICLES - SINHALA

මාස දෙකක දැරියකගේ සිරුරක් ළිඳක තිබී හමුවෙයි

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා. එම  නිවසේ ළිදේ...

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය...

තේ වතු කම්කරුවන්,තේ වතු හිමියන් කරන්න මට ඉඩ දෙන්න-සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01) තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේදි පැවති ජාතික කම්කරු සංගමයේ සහ ජාතික කම්කරු පෙරමුණේ මැයි දින රැලියට එක්වුණා. එහිදි විපක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...