26 C
Colombo
Wednesday, October 4, 2023

මෙහෙම දෙයක් වෙයි කියලා අපි හිතුවෙ නැහැ – රෝහණ බැද්දගේ

- Advertisement -

රටට මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවේයැයි තමන් බලාපොරොත්තු නොවූ බව ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා පවසනවා.

රෝහණ බැද්දගේ මහතා වත්මන් රජය යටතේ මාලදිවයින් රාජ්‍යයේ තානාපතිවරයා ලෙසද කටයුතු කළ අයෙක්.

“රට යන විදියට අපිට හැඩගැහෙන්න කියලයි කියලා තියෙන්නේ. ඒ්ක ලොකුම ප්‍රශ්නයක් තමයි. මේ තත්ත්වය දේශපාලනය එක්ක සම්බන්ධයි. අපි මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවෙ නැහැ. අපි මේ රජය වෙනුවෙන් කතාකළ බව ඇත්ත. ප්‍රශ්නය මේ තත්ත්වයට ගොඩක් දේවල් බලපෑවා. කොවිඩ් වසංගතය ආවා. තවත් බොහෝ ප්‍රශ්න ආවා. විරෝධතා ආදියත් බලපෑවා. ඒ නිසා ටික ටික රට වැටෙන්න ගත්තා. වැටුණු රට ගොඩගැනීම තමයි දැන් තිබෙන ප්‍රශ්නය. හැම දෙයක්ම අද ප්‍රශ්නකාරී වෙලා.

ගොවීන්ගේ ප්‍රශ්න, කම්කරුවන්ගේ ප්‍රශ්න, සාමාන්‍ය ජනජීවිතයේ ප්‍රශ්න වගේ ප්‍රශ්න රාශියක් අද ගොඩගැහිලා. ගෑස් නෑ, තෙල් නෑ, කිරිපිටි නෑ. මේ නිසා මිනිස්සුන්ට ජීවත්වීමට බැරි තත්ත්වයක් ඇවිත්. ආනයන අපනයන කෙරෙන්නේ නැහැ. ඒයින් ආදායමක් නැහැ. ඩොලර් නැහැ. ලොකු ප්‍රශ්නයකට රට වැටිලා තියෙන්නේ. ගොඩගන්න එක අමාරුයි. හැම තැනටම ණය වෙලා තියෙන්නේ. මේවාට විසදුම් සොයන්න කමිටු පත්කරලා වැඩක් නැහැ. අද බැංකුවලටත් ප්‍රශ්න. මිනිස්සු ණය ගත්ත ඒව ගෙවාගන්න බැහැ. අලුතින් ණය දෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් අද තියෙන්නේ. මිනිස්සුන්ගේ දුක අපිට දැනෙනවා. ඇත්ත තත්ත්වය අපිට කියන්න බැරිකමක් නැහැ.”


RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...