29 C
Colombo
Saturday, July 27, 2024

මේක ජනාධිපතිතුමාගේ වරදක් නෙවෙයි – අනූෂා දමයන්ති

- Advertisement -

වත්මන් අර්බුදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදක් නොව පසුගිය ආණ්ඩු සියල්ලම සිදුකරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිපලයක් බව ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා දමයන්ති මෙනෙවිය පවසනවා.

ඇය පවසන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමන් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තමන් හට දිගින් දිගටම පහරදීමක් සිදුකරන බවයි.

“මම මේ රජය වෙනුවෙන් වැඩ කළත් කිසිම තනතුරක් ලබාගත්තේ නැහැ. මට බැනලා සමාජ මාධ්‍යවල බොහෝ දෙනා විවිධ දේ කියා තිබෙනවා. මේ ටිකේ මගේ පරණ වීඩියෝ දාලා ඇට්ටි හැලෙන්න දෙනවා. මම විතරක් නෙවෙයි, අපි හැමෝම හිතුව දෙයක් නෙවෙයිනේ මේ වුණේ. මේක ජනාධිපතිතුමාගේම වරදක් නෙවෙයි. මේක එදා මෙදා ආණ්ඩුවල කරපු වරදවල් වල එකක් තමයි අපි අද මේ භුක්ති විදින්නේ කියලා මට නම් දැනෙන්නේ. මෙතුමා ඇත්තටම ගත්තේ මුකුත් නැති ආණ්ඩුවක්. බලමු ඉතිං මොකද වෙන්නේ කියලා.

ඇත්තටම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න මම යන්නේ නැහැ. මොකද අපි දන්නෙත් නැහැ මොකද වෙන්නේ, මොකක්ද කරන්නේ කියලා. කලාකරුවෝ එකතුවෙලා මාධ්‍ය හමුවක් තියෙනවා කියලා ආරංචියක් යනවා. එතනදි කතාකරන්න තමයි හිතාගෙන ඉන්නේ. දැනට නිශ්ෂබ්දව ඉන්න තමයි අපිට වෙලා තියෙන්නේ.

එදා 69 ලක්ෂයක් මේ රජයට ඡන්දය දුන්නේ ලොකු විශ්වාසයක් මතයි. පිටරටවලින් පවා ඇවිත් ඡන්දය දුන්නා. ඒ ලොකු වෙනසක් කරන්න අවශ්‍ය වූ හින්දයි. ඒක මිනිස්සු විශ්වාස කළා. පස්සෙ කොරෝනා ප්‍රශ්න ආවා. පිටරටක යුද්ධය ආවා. උද්ඝෝෂණ විරෝධතා වැඩක් නැහැ. මේකට උත්තරය සොයාගන්නයි අවශ්‍ය. අද මුළු ලෝකයේම මේක වෙලා තියෙන්නේ. හැබැයි එළියට එන්නේ නැහැ.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...