30.3 C
Colombo
Friday, April 26, 2024

උද්ඝෝෂණ මර්දනය කළොත් වර්ජනය කරනවා!

- Advertisement -

කොවිඩ් පාලනය කිරීමට ඇති නීති රීතීන් කොවිඩ් පාලනයට නොව රජයට එරෙහි විරෝධතා මැඩලීමට යොදාගන්නේ නම් උද්ඝෝෂණ වෙනුවට වැඩවර්ජන වෙතට යොමු වීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ඒ. ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

රාජ්‍ය සේවාවේ කාර්‍යක්ෂමතාවය වැඩිකිරීම පිළිබද අය වැය තුල ඇතැම් යෝජනා පරස්පර විරෝධී බවත් විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමීම මගින් සාමාන්‍ය පරිදි විශ්‍රාම යන අයට වසර දහයක විශ්‍රාම වැටුප අහිමි වන ලකුණු පහල වී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙවර අය වැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විෂමතාවය පිළිබදව විසඳුම් සැපයීමට අපොහොසත්ව ඇති බවයි රවි කුමුදේශ් මහතා චෝදනා කර සිටින්නේ.

මේ අතර, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම්, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් නිසි බලධාරීයාගෙන් අවසර ලබාගත යුතු අතර එසේ අවසර ලබානොගෙන එවැනි ක්‍රියාකාරකම්වල නිරතවිය නොහැකි බව සඳහන් වේ.

එම ගැසට් නිවේදනයට අනුව සමගි ජන බලවේගයට ලබන 16වැනිදා කොළඹ හයිට් පිටියේ රැස්වීමක් පැවැත්වීමට ලබා දී තිබූ අවසරය අත්හිටුවා තිබෙනවා.

කෙසේ නමුත්, සමගි ජන බලවේගය පවසන්නේ රජයේ ගැසට් නිවේදන නොසලකා “සාපය දැන් ඇති – අපි එනවා කොළඹට” යන මැයෙන් පැවැත්වෙන විරෝධතාවය පවත්වන බවයි.


RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...