28.1 C
Colombo
Friday, April 26, 2024

හෙට පාර්ලිමේන්තුවේදී යොහානි ඇගයීම අවලංගුයි

- Advertisement -

ජනප්‍රිය නවක ගායිකා යොහානි දිලෝකා ද සිල්වා ඇගයීම සඳහා වන වැඩසටහනක් හෙට දිනයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එම වැඩසටහන හෙට දින නොපවත්වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

නොවැළක්විය හැකි හේතුවක් මත එම වැඩසටහන අවලංගු වූ බවයි News 19 පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටියේ.

යොහානි දිලෝකා ද සිල්වා විසින් ප්‍රතිගායනා කරනු ලැබූ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්ව ඇති බැවින් ඇය මෙරටට ගෙන ආ ගෞරවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19
නිවාරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතව තිබුණා.


RECENT ARTICLES - SINHALA

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි

වතු හාම්පුතුන්ගේ සංගමයේ සාමාජිකයින් නොපැමිණීම හේතුවෙන් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා පැවැති දෙවැනි සාකච්ඡා වටයද අසාර්ථක වී තිබෙනවා. පසුගිය 10 වැනිදා වතු වෘත්තීය සමිති...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා ඔහු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...