28 C
Colombo
Saturday, July 27, 2024

කන්න නැහැයි කියා තමිල්නාඩුවට පලාගිය ශ්‍රී ලාංකිකයින් 16 ක් අත්අඩංගුවට

- Advertisement -

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් මෙරටින් එරටට ආ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම පිළිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවල සදහන් වන්නේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඊයේ (23) තමිල්නාඩුවට පැමිණි බවයි.

මෙම පුද්ගලයින් සියලු දෙනා යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ළදරුවන්ද ඇතුලුව සරණාගතයන් ලෙස පැමිණි පුද්ගලයින් 6 දෙනෙක් රාමේෂ්වරම් වෙරළේ දූපතක් අසළ අතරමංව සිටියදී ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් බේරාගෙන තිබෙනවා.

“අපි දැනගෙන හිටපු ලංකාව නෙවෙයි දැන් තියෙන්නේ. මම වැන්දඹුවක්. දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. මගේ දරුවන් හදා වඩාගන්න විදියක් නැහැ. අපිව මෙහාට ගෙනාපු අයව නම් මම දන්නේ නැහැ. අපි බෝට්ටුවට නැග්ගා අලුත් ජීවිතයක් පටන් ගන්න “

එම කණ්ඩායමේ සිටි 28 හැවිරිදි කාන්තාවක් එලෙස අදහස් පලකර තිබෙනවා.

තවත් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමිල්නාඩු වෙරළ තීරයේදී සොයාගෙන ඇති අතර ඉන් 8 දෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...