33 C
Colombo
Tuesday, May 14, 2024

P.H.I ඝාතන විමර්ශන CIDයට

- Advertisement -

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ තොරතුරු තහවුරු කරගනිමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවද ඔහු පැවසුවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඇල්පිටිය, කරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ ඔහුගේ නිවසේදීම ඝාතනයට ලක් වී තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පැවසුවේ, නඩු කටයුතු නිසා මෙම ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලදී ස්ථිර ලෙසම තහවුරු කරගැනීමක් සිදුවී නොමැති බවයි.


RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන නිලධාරී 1000ක් ශිෂ්‍ය භට බලකායේ තනතුරුවලට

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු...

NSB සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න ක්‍රමයක්

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ...

මැරුණ කුකුල්ලු පාර්ලිමේන්තු ගිහින්

රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...