26 C
Colombo
Thursday, May 9, 2024

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

- Advertisement -

ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිිකාර ලබමින් සිටින බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පලකළේ අද (29) දිනයේ ඥාණසාර හිමියන් බැලීම සඳහා පැවිදි හඩ සංවිධානයේ සාමාජිකයන් සමඟ වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ සද්ධාතිස්ස හිමියන් පවසන්නේ ඥාණසාර හිමියන් බන්ධනාගාරගත වන විටත් කිසියම් අසනීප තත්ත්වයකට ඖෂධ ගනිමින් සිටිය බවයි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් තවමත් ඥාණසාර හිමියන් සිවුර හැඳගෙන සිටින බවත් ජම්පරයක් හැදීම සිදු නොකරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් සද්ධාතිස්ස හිමියන් පවසනවා.

ඊට අදාල දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

ලක්ෂ 15ක දුම්වැටි රේගුවේ හිරවෙලා

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්...

විදුලිබිල අඩු කරන යෝජනාව විදුලිබල මණ්ඩල උපයෝගීතා කොමිසමට දීලා නෑ

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා...

සජබෙට එන්න. ඇමති සුසිල්ට සජිත්ගෙන් ඇරයුමක්

ඡන්ද කටේ පළාත් පාලන ආයතන වලට බෙදන්නට වෙන් කළ රුපියල් ලක්ෂ සීයක මුදල ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන ලෙස විපක්ෂ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...