29 C
Colombo
Wednesday, May 22, 2024

PHI ඝාතනයට පැමිණි යතුරු පැදියේ කොටස් සොයා ගැනේ

- Advertisement -

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ අංක තහඩු හා යතුරු පැදිවල කොටසක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඌරගස්මංහන්දිය රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසලදී මෙම යතුරුපැදිවල කොටස් සහ අංක තහඩු අත්අඩංගුවට ගත් බවයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වන රොෂාන් කුමාර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දින දෙකකට පසු මෙසේ යතුරු පැදියක් ගිනි තබා තිබියදී සොයා ගෙන තිබූ අතර අනතුරුව ඒ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරුණා.

පොලීසිය සඳහන් කළේ ම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස යතුරු පැදියේ අංක තහඩු දෙක සොයා ගත් බවයි.

කැටපහ බෝක්කුව අසල ඇල මාර්ගයේ අඩි 09 ක් පමණ ගැඹුරු වළක තිබියදීයී මෙම කොටස් සොයා ගෙන තිබුණා.


RECENT ARTICLES - SINHALA

දුම්රියක් පීලි පනී

පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියයි. මේ හේතුවෙන්...

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...