ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති යසිරු කුරුවිටගේ මහතා හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි සැකපිට ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ඔහු අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඔහු විසින්”ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් ලියාපදිංචි නොකර පවත්වාගෙන යන සැකකරුගේ වෙබ් පිටුවේ පළකර ඇති බවයි.
ඔහු විසින් සිදුකළ එම ප්‍රචාරය තුළින් ජාතික ආරක්ෂාවට මෙන්ම ආර්ථිකයටද බරපතළ අගතියක් සිදු වී ඇති බව එම නිලධාරීන් පැවසීය.
සබැඳි ලිපි..