33 C
Colombo
Saturday, May 4, 2024

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට යම් හිංසාවක් උනොත් රජය ඊට වගකිව යුතුයි – විපක්ෂනායකවරයා

- Advertisement -

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් එල්ල කරන ලද තර්ජනය පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (06) දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර සිටියා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පසුගියදා අනියම් ආකාරයට සිදුකර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව විසින්ද සිය විරෝධය පලකර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමුකර ඇති බවත් විපක්ෂනායකවරයා විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටින බවද තරිඳු ජයවර්ධන හට ප්‍රකාශ කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා විසින් කථානායකවරයාගේ අවධානයට ලක් කරනු ලැබුවා.

ආරක්ෂක ක්ෂේත්‍රයේ පුද්ගලයෙකු විසින් නිදහස් මාධ්‍යවේදියෙකුට සිදුකර ඇති මෙම අනියම් තර්ජනයෙහි බරපතල අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් විභාග වන්නේද යන්න රජයේ පාර්ශවයෙන් විමසා සිටින බවත් ප්‍රකාශ කළ විපක්ෂනායකවරයා අවසන් වශයෙන් අවධාරණය කර සිටියේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හට කිසියම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...