33 C
Colombo
Sunday, May 5, 2024

බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙන ගිය විරෝධතාකරුවන් ඇඳ ඇතිරිලි පිටින්. හරිය⁣⁣ට කන්නත් නෑ

- Advertisement -

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වමින් ඊයේ (08) පාර්ලිමේන්තුව අසළ සිදුකල උද්ඝෝෂණයක් නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය පිරිසට මේ වන විට ශාරීරිකව මෙන්ම මානසිකව හිංසා පීඩා සිදුකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින්, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි ඇතුළු පිරිසක් මෙලෙස බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඊයේ පස්වරුවේ අධිකරණයෙන් ඇප ලබා තිබියදී පොලීසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරකට නිරෝධායනයට රැගෙන ගියත් එම ස්ථානයට රැගෙන යන තුරුම ඔවුන් ගෙනයන්නේ කුමන ස්ථානයකටදැයි දැනුවත් නොකර රැගෙන යාම විශේෂත්වයක්.

එමෙන්ම දහවල් කාලයේ සිට අත්අඩංගුවට පත් පිරිසට නිසි පරිදි ආහාරයක් ලබා නොදී තිබූ අතර රාත්‍රියේ ඔවුන්ට පාන් කාලක් සහ කෙසෙල් ගෙඩියක් පමණක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබුණා.

නිරෝධායනයට බලහත්කාරයෙන් රැගෙන ගිය පිරිසට මේ වන විට ඇඳීමට ඇඳුමක් හෝ නොමැති අතර ඔවුන් ඇඳ ඇතිරිලි ඇඳ සිටින්නේ සිරකරුවන්ටවත් නොලැබෙන සාමාන්‍ය අයිතිය නොලැබෙන තත්ත්වයක් තුළයි.

නිරෝධායනය යනු දඩුවමක් නොවන බව මීට පෙර අවස්ථා රැසකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළද එය පොලිස් දෙපාර්තමේන්තුව සැලකිල්ලට නොගන්නා ආකාරයෙන් දිගින් දිගටම හැසිරීම ලැජ්ජා සහගත වනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...