27 C
Colombo
Monday, April 29, 2024

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක් – කෙහෙළිය

- Advertisement -

අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ රූපවාහිනී නාලිකා විස්සක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සමෘද්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මේ යටතේ පළමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා නාලිකා දහතුනක්ද, පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ නාලිකා දෙකක්ද ආරම්භ කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ජුනි මස 06 වනදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ Zoom යෙදුම (App) වෙනුවට දරුවන්ට ඩේටා ගාස්තු නොමැතිව භාවිතා කළ හැකි යෙදුමක් (App) සති කිහිපයකින් ලබාදෙන බවයි.

එම ප්‍රකාශය සිදුකර මේ වන විට මාසයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් කිසිදු ආකාරයට ඩේටා ගාස්තු රහිත යෙදුමක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාදීමට රජය ක්‍රියාකර නැහැ.


RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...